ජයශ්‍රී නිවේදක පුහුණු පාඨමාලාව සෑම සති අන්තයකම සෙනසුරාදා හෝ ඉරිදා පැවැත්වේ.

පාඨමාලාව පැවැත්වෙන දිනයේ උදේ 9.30 ට ආරම්භ වී දහවල් 1.30 ට අවසන් වේ.


මේ ආකාරයෙන් සති අන්ත දින 12 ක් , එනම් මාස 3 ක් පුරා පාඨමාලාව පැවැත්වේ.


අවසාන සතියට පසු සතියේ එනම් 13 වන දිනයේ සහතික බෙදා දීමේ උත්සවය යි.


අවසන් දිනයේ සෑම ළමයෙකුගේ ම මව හෝ පියා පැමිණිය යුතුවේ. 


සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 20,000 කි.


එම මුදලින් රු. 2000 ක් පංතියට ලියාපදිංචි වීම සඳහා මුලින් ගෙවිය යුතු වන අතර, පාඨමාලාව ආරම්භ කරන දිනයේ පළමු මාසයේ පංති ගාස්තු ලෙස තවත් රු. 8000 ක් ගෙවිය යුතු වේ.

ඉතිරි රු. 10,000 ක මුදල ඉදිරි මාස දෙක ඇතුළත කොටස් වශයෙන් ගෙවීමට හැකිය. 
පංතියට බඳවා ගනු ලබන්නේ පළමුවෙන්ම ලියාපදිංචි වන 20 දෙනා පමණි.