ශ්‍රී ලංකාවේ පවත්නා කොවිඩ් අර්බුධය හේතුවෙන් පුද්ගලික පන්ති පැවැත්වීම සඳහා සිසුන් පිරිසක් එක් තැනකට එකතු කිරීම මේ වන විටත් අත්හිටුවා ඇත. එබැවින් එම අවසරය ලැබෙන තෙක් අපගේ නිවේදක/කථන පාඨමාලාව අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට තීරණය කර ඇත.

සූම් මෘදුකාංගය ඔස්සේ පංති පැවැත්වීම අද ඉලා සුලභ ක්‍රමයක් වී තිබේ. එබැවින් අපගේ දේශන සූම් මගින් පැවැත්වීමටත් , ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙතුන් දෙනා බැගින් කැඳවා සෞඛ්‍ය ආරක්ෂඛ උපදෙස් මත පැවැත්වීමටත් කටයුතු කරනු ලැබේ.

පාඨමාලාවේ කාල සීමාව මාස 3 කි. එනම් සතියකට එක් වරක් පමණක් පංතිය පැවැත්වේ.

අපගේ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව මාස 3 ටම රුපියල් 20,000 කි. ඉන් 5,000 ක් ගෙවා පංතියේ ආරම්භයට සහභාගි විය හැක. පංති වාර 12 න්, සති 4 ක් ගතවන්නට පෙර තවත් 5,000 ක් පංති ගාස්තු ගෙවිය යුතු වේ. ඉතිරි මුදල වන රු. 10,000 ක මුදල් ඉතිරි පංති වාර 8 ඇතුලත ගෙවා අවසන් කළ හැක. 

පුද්ගලික උපකාරක පංති සඳහා විවෘත කළ වහාම පාඨමාලාව සඳහා සුපුරුදු ලෙස සහභාගි වීමට ඔබට අවස්ථාව ලැබේ.